ජිවත්නොවුණු කාලයේ මතක සටහන් (1)



 


මෙහෙම ලියන්නම් මම කුඩා කාලයේ  පුනර්භවය ගැන  යම්කිසි මතකයක් සමග ජිවත් වුන  කෙනෙක්  මගේ  නෑයන් හිතවතුන්  දෙමවුපියන්  මේ හැමකෙනෙක්ම මගෙන් ප්‍රශ්න කලේ මගේ කලින් ජිවත් උන කාලයේ විස්තර මිසක්  මියගියාට පසු නැවත ජිවිතයක්  ලැබෙනකම් ගතවූ  කාලය පිළිබද විස්තර නොවේ.  මට හිතුනා මම ඒ ජිවත් නොවුණු කාලයේ  සියලු මතක  බ්ලොග් සටහනක් විදිහට ලියා තබන්න. මට ඒ දේවල් කතා කරන්න  කිසිම දිනක අවස්ථාවක් ලැබුනේ නැ  කතා කරන්න උත්සහ ගත් හැම මොහොතක දීම  යම්කිසි බලවේගයක් විසින්  ඒක වලක්වනවදැයි මට හිතිච්ච වාර අනන්තයි  මම මෙහෙම පටන්ගන්නම් .

! මට මතක මගේ අන්තිම හුස්ම ගැනීම 
මට අන්තිම හුස්ම හෙලන්න වුනේ  කකුලට වැදුණු  වෙඩි පහරින්  රේල් පාරක් මත ඇද  වැටිමත්  සමග වටකරගත් තිදෙනෙකු  හිසට සහ ගෙලට එල්ලකළ  තියුණු මන්නා පහරවල් කීපයක්  සමග හිරිවැටුණු  ශරීරයෙන්  හුස්ම ගැනීම නැවතීමත් සමග  එපමණ කාලයක් ජිවත් උන ශරීරය අත් හැරීමට සිදුවීම තමයි මගේ මතකයේ හැටියට අවසාන හුස්ම ගැනීම .

ඒ  අවසන් හුස්ම ගැනීමෙන් පසු 
ගතවූ කාලය තුල සිදුවූ  සියලුම දේ  මෙම සටහන කියවන එකම එක පුද්ගලයා ඔයා වන ඔයාට හැමදේම  කියන්නම් . 
දෛවය විසින් ඔබට මෙම සටහන මුනගස්සවන හේතුව මම නොදනිමි .    
මෙම සටහන් අපැහැදිලි වෙන්න පුළුවන්  නවකතාවක් වත් කෙටිකතාවක් වත් නොවන නිසා
මම  මරුන බව දැනගත්තේ  මට සිදුවූ සිද්දිය මතකයේ තිබුන නිසා  

මරණයේ පලවෙනි අත්දැකීම 
මට මුලින්ම දැනුනා  තවදුරටත්  මේ මම නොවන බව  මට තේරුණා මම කොහේදෝ  ඉන්න බව නමුත් මේ කොහෙද  මම කෝ  කියන ප්‍රශ්නය මට තදින්ම දැනුන  ඇත්තටම මම කෝ  මට මාව දකින්න ලැබුනේ නැ  මම  මාව දකින්න උත්සහා කළා ඉතාමත් තදින්  ඒත්  මට දකින්න ලැබුනේ නැ  නමුත් මම කොහේදෝ ඉන්න බව දැනුන  මම ඉන්න බව දන්නවා  මට මාව දකින්න  දැඩි වුවමනාවක් තිබුනා  මම ඉන්නේ අහසෙද  පොලොවේද කොහේද  කිසිම දෙයක්  දන්නේ නැ  එත් මම ඉන්නවා  කොහේදෝ තැනක. අනේ මන්ද   
ආලෝකයක් වත් අදුරක්වත් දකින්න නැ  දුකක්වත් සතුටක් වත්  දැනුනෙත් නැ  බරක්වත් සැහැල්ලුවක් වත් නැ  දිගක්  පළලක් උසක්  දැනෙන්නේ නැ  අඩුම ගානේ සබ්දයක්වත්  ඇහුනෙවත් නැ  කිසිම දෙයක් දැනුනේ නැ  කාලය ගතවෙන බවක් දැනුනේ නැ  හරිම  අමුතු මොකක්ද එකක් ගෙවුනා  කියලනම්  දැනුනා  ඉදිරියක් පිටුපසක්  දෙපැත්තක් වත් තිබුන බවක් දැනුනේ නැ .
නමුත් බයානක අත්දැකීමක් නෙවෙයි .

මම මාව දැක්කද  

ඔවු මම මාව දැක්කා  එකපාරටම  නමුත් මට මාව අදුරගන්න බැරි උනා  
මම බයවුණා පුදුම විදිහට.  මේ මම කියල දැනගත්ත   ගමන් .  
මම දැක්ක මම ගතකල හැම ජිවිතයක්ම 
මම මගේ හැම මුනක්ම  මම එකපාරින් දැක්කා ඒ වෙනකම් ගත්කල හැම කාලයක්ම දැක්ක  (මේ මම කියන මේ කොටස හොදින් මතක තබාගන්න මේක ඇත්තමයි යාලුවනේ සැකයක් තියෙනවනම්  විස්වාස නොකරන්න  )
මම ඒ මොහොතේ දැක්ක හැම කාලයක්ම  මම මේ ලෝකේ ජිවත් උන කාලයන් .  මම දැක්කා  මට පුළුවන් කමක් ලැබුනා  ඒ මම දකින  හැම ජිවිතයකම  ඕනෑම තැනකින් ඇතුළුවෙලා ඒ කාලයේ ජීවත්වෙන්න  නමුත් ඒ  ජිවිතයට ඇතුළු උනත් කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ ඒ දේවල් සිදුවෙලා ඉවරයි  මට දැනුන ඒ මායාවෙන් මම ගැලවිය යුතුයි කියල  ඉතින් මම ඒ හැම මතකයක්ම  එකතුකරගත්තා නමුත් ඒ ජිවිත කාල තුලට ඇතුළු වුනේ නැ . මම මාව දැක්ක පලවෙනි මොහොතේ සිට මම ගත කලේ  හරිම අපුරු මායා ලෝකයක  ඒ  හැම මායවක්ම  මම ඔයාලට කියන්නම්   මගේ ඊලග බ්ලොග් පොස්ට් එක ඉක්මනට දෙන්නම් 

Comments