ජිවත්නොවුණු කාලයේ මතක සටහන් (2)
අපුරු මායා ලෝකය
මම දුටු ඒ මායා ලෝකය ගැන කියන්න වචන සහ අදහස් මගේ මිනිස් මොලයට පැහැදිලිව එන්නේ නැහැ නමුත් මට හැකි ආකාරයෙන් පැහැදිලි කරන්නම්
! මෙහෙම කියන්නම් මම මේ පෘතුවියේ ජීවියෙක් බවට පත්වූ දවසේ සිටන් මම මියගිය දවස දක්වා ඉපදුනු මැරුණු ජිවත් උණු වාර දසදහස් ගානක් මගේ ඉදිරියේ පෙන්නෙන්න තියෙනවා මට ඒ ඕනෑම තැනකට යන්න පුළුවන් ඒ කාලය තුල එහා මෙහා යන්න හැකියාව තියෙනවා නමුත් ඒ කිසිදෙයක් වෙනස් කරන්න බැහැ ඒ තුල ජීවත්වෙන්න හැකියාව තියෙනවා නමුත් කිසිම තේරුමක් නැහැ ඒ විදලා ඉවර කරපු කාල පරිච්චේද යන් නිසා. හරියටම කියනවනම් බලල ඉවරකරපු චිත්‍රපටයක් නැවත නැවත බලනවා වගේ නමුත් ඒ විසාල කාල රුප මලා අතරේ අතරමන් උවහොත් ඉදිරියට යන්න බැරිබව මට වැටහී තිබුනා
මට අවශ්‍යව තිබුනේ මම රැදී ඉන්න මේ මායාවෙන් ගැලවිලා මට පුරුදු ජිවිතයට එන්න පාර හොයා ගන්න. එත් මට එහෙම ඉදිරියට යන්නනම් රුපයක් අවශ්‍ය බව මට වැටහුනා එකට හේතුව මම ඉපදුනු වාර මැරුණු වාර අනන්ත නිසා මිට කලින් අත්දැකීම් මට තිබුනා මේ අවස්ථාව ගැන ඒ නිසා මම කල්පනා කළා මොනවගේ රුපයකටද මම කැමති කියලා.
මෙහෙම හිතන්න මගේම විවිද රුප දසදහස් ගානක් තියෙනවා ඒ එකකින්වත් මට මගේ ගමන සාර්ථකව ඉදිරියට යන්න බැරි උනා ඒ හැම රුපයක්ම මරණයෙන් බිදුනා ඉතින් මම මේ අවස්ථාවේ ඉදිරියට යන්න පුළුවන් මායා රුපයක් හොයාගන්න ඕනේ. මම ඒ හැමතැනම වටපිට හොයන්න ගත්තා මගේ ඊළඟ රුපය ඒ මොහොතේ මම කල්පනා කළා කවදාවත් ගණනය කල නොහැකි රුප හැඩතල අතරේ මම කොහොමද මට ගැලපෙන රුපයක් හොයා ගන්නේ කියලා ඉන්පසු මම ඒ දකින දකින හැම රුපයක් ලගටම ගියා නමුත් ලබාගන්න හැකියාවක් නැ ලගට ලං උනහම ඒ වගේ විසි තිස් ගුණයක් ඇතට ඒ දේවල් ඇදිලා යනවා මම උත්සහ කරලා කරලා හෙම්බත් වෙමින් නැවත නැවත උත්සහ කළා නමුත් මම සිටින මේ ස්ථානයේ කාලයක් ගත නොවන නිසා මට හිතාගන්න බැ මම කොපමණ වාරයක් සහ කාලයක් උත්සහ කලාද කියලා මේ වෙනකොට මට පෙනීම සහ ඇසීම ලැබී තිබුනා මම මීලග පොස්ට් එකෙන් කියන්නම් මට ලැබුණු මායා රුපය සහ ඒ රුපයට අදාලව මට ලැබුණු දක්සතාවයන් ඉක්මනින් මීලග පොස්ට් එක දාන්නම්

Comments
Post a Comment